කතරගම ඇසළ පෙරහර මංගල්‍යයට එක්වීමට පැමිණි බැතිමතුන් දෙදෙනෙකු පුද්ගලික බස් රියකට යටවී ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
කතරගමට වන්දනාවේ
පැමිණි බස්රථය අසළ බිම නිදාගෙන සිටියදී බස් රථය පසු පසට ධාවනය කිරීම හේතුවෙන් ඔවුන් එයට යටවී ඇත.

පුද්ලයන් තිදෙනෙකු මෙම  අනතුරින් තුවාල ලබා ඇති අතර දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. කිලිනොච්චියේ පදිංචි වෙල්සන් විදූ (18) හා අසන් ගරන් (41) නැමැති පුද්ගලයන් දෙදෙනෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

අම්පාර ඔළුවිල් ප්‍රදේශයෙන් ඊයේ අතුරුදන් වූ පස් හැවිරිදි පිරිමි දරුවා පැය කිහිපයකට පසු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.