අද සංචාරක ඉන්දීය පිල සමග එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවන ටෙස්ට් තරඟය ඉන්දියාව ජයගත්තේ එහිදී කඩුළු 7 ක් ලබාගෙන විශේෂ දස්කම් දැක්වූ රවින්ද්‍ර ජඩේජාගේ දක්ෂ පන්දු යැවිමද උදව් කරගෙනයි.

කෙසේ වෙතත් අයිසීසීය ඔහුට

ලබාදුන් දඩුවමක් ලෙස ශ්‍රී ලංකාව සමග පල්ලෙකැලේදී පවත්වන ඊළඟ ටෙස්ට් තරගය ඔහුට තහනම් කර තිබේ.

එයට හේතුව ඔහු පන්දුයැවීමෙන් අනතුරුව පිච් එකේ ඇවිදීමේ වරදට නැවත නැවත අවවාද කිරීමෙන් පසුත් අද තරගයේ 58 වන ඕවරයේදී නැවත එම වරද සිදුකිරීමයි.

 මාස 24 ක් තුළ මෙම වරද සිදු කිරීමේ සීමා කම් තිබෙන අතර ඔහුට එම වරදට දඩුවම් ලැබීමට පොයින්ට්ස් 3 ක් අඩුවෙන් තිබියදී මෙවර තරගාවලියට එක්ව තිබුණි. අද තරගයේදී ඔහු එම පොයින්ට්ස් ගණන ඉක්මවා ගිය නිසා මෙම තරග තහනම පනවා තිබුණි.
මෙවර තරගයේ වීරයා බවටද පත්වූ ඔහුට ඊළඟ තරගය අහිමිවීම ඔහුගේ ක්‍රිකට් අනාගතය පැත්තෙන් පාඩුවකි.