ජර්මානු කාර්මික විද්‍යාලයේ විදුහල්පතිවරයාට එල්ලවූ විෂමාචාර චෝදනා මත ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්‌වූ බව වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ඇමැති චන්දිම වීරක්‌කොඩි මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඒ අනුව නව විදුහල්පතිවරයකු පත්කර ගැනීම සඳහා අයෑදුම්පත් කැඳවා ඇතැයි ද ඇමැතිවරයා කීවේය.
ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පතිව
සිටි ශාන්ත කරුණාරත්නට එල්ල වූ විෂමාචාර චෝදනා මත විනය පරීක්‍ෂණයක්‌ ආරම්භ කළ බවද ඒ අතරතුරදී ඔහු ඉල්ලා අස්‌වීමේ ලිපිය භාරදුන් බවද ඇමැතිවරයා කීවේය.
එජනිස මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.
තමන් යටතේ සිටි සිසුවෙකු අසමත්වූ විභාගයක් සමත් කරදෙන බව පවසමින් ඔහු සිය නිල කාමරයට කැඳවා දොර වසා ඔහුට සමලිංගික ක්‍රියාකාරකම් සිදු කරන්නට උත්සාහ කළ ශාන්ත කරුණාරත්න නමැති මෙම විදුහල්පතිවරයා සිදු කළ ක්‍රියාව වීඩියේ ගත කරන්නට අදාළ සිසුවා උපායශීලී වීම නිසා සමාජ මාධ්‍ය තුළ එය පැතිරී තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ කටයුතුද සිදුවෙමින් පවතී.
සමාජ මාධ්‍ය තුළ පැතිරුණ වීඩියෝව පහතින්