ලුනුවිල ප්‍රදේශයේ පදිංචි සිටි පුද්ගලයෙකු තම පුතාගේ බිරිඳව සිපගනිමින් බලහත්කාරකම් කරන්නට උත්සාහ දැරූ සිද්ධියක් මත වෙන්නප්පුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
සිය පුතාගේ බිරිඳව
බලහත්කාරයෙන් සිප වැළඳ ගැනීමට උත්සහ කිරීමේ දී එම ලේලිය ඊට විරුද්ධ වූ අවස්ථාවේ මාමණ්ඩිය විසින් නිවසේ තිබු පිහියකින් පහර දී ඇයට තුවාල කර තිබෙන බවට පොලිසියට පැමිණිලි ලැබී තිබුණි.
32 හැවිරිදි ලේලිය තනිව සිටි අවස්ථාවක් බලා මෙසේ බලහත්කාරකම් කර ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම කාන්තාවගේ සැමියා හෙවත් බලහත්කාරකම් කළ පුද්ගලයාගේ පුතා බිරිය සමග අමනාපවී පසුගිය කාලයේ නිවසින් බැහිර ගොස් වෙනම පදිංචිවී සිට ඇත. නමුත් වෙනත් යන්න තැනක් නැති නිසා ප්‍රශ්නය නිරාකරණය කරගන්නා තුරු එම කාන්තාව වාසය කර ඇත්තේ මාමණ්ඩිය හා නැන්දණිය සිටි පුතා කැඳවා ආ නිවසේය.
මෙම අතවරය සිදුව ඇත්තේ නැන්දණිය නිවසින් බැහරට ගිය අවස්ථාවකය.
සිද්ධිය නිසා කැපුම් තුවාල ලැබූ 32 හැවිරිදි කාන්තාව රෝහල් ගතකර තිබෙන බවද වාර්තා විය.