පාර්ලිමේන්තුව විසින් සම්මත කළ පළාත් පාලන ඡන්දය විමසීමේ පනත් කෙටුම්පත සැප්තැම්බර් 15 දාට පෙර
මැතිවරණ
කොමසාරිස් කාර්යාලයට ලැබුණ හොත් දෙසැමැබර් මාසයේදී මැතිවරණය පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.

මැතිවරණය සඳහා සූදානම්වීමට අවම වශයෙන් දින 75ක් අවශ්‍ය බවත් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙර ඡන්දය පැවැත්වීමට අවශ්‍ය බවත් ඔහු පැවැසීය. එසේ නොමැතිවුවහොත් මැතිවරණය පැවැත්වීමට සිදුවන්නේ සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසුව බවත් ඔහු පවසයි.

මැතිවරණය පැවැත්වීමේ දිනය තමන්ට පමණක් ගත නොහැකි බවත් එය මැතිවරණ කොමිසම එකට සාකච්ඡා කර ගත යුතු තීරණයක් බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.