රවි කරුණානායක සම්බන්ධයෙන් අගමැති හා ජනපති එක්වී වහාම තීන්දුවක් ගතයුතු යැයි ඇමැති එස්.බී දිසානායක  ඊයේ (03දා) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවසුවා.ඒ මෙසේය.

"මේ ගනුදෙනුවේ තොරතුරු දවසින් දවස අලුත් වෙමින් පවතිනවා. කාරණය ගැන හෙළි වන තොරතුරුවලින් පේනවා ඇතැම් නම්වල බරපතළ ප්‍රශ්නයක් තියෙනවා කියලා.
අද වන විට
ඇලෝසියස්ගේ ෆෝන්වල හාඩ්වෙයාර් එකේ තොරතුරු දිනෙන් දින එළියට එනවා.
මේ ගැන ජනාධිපති හා අගමැති තීන්දුවක් ගත යුතුයි. නැතිනම් මහජනයා ඇවිස්සෙයි. විශ්වාසභංග එයි. ආණ්ඩුව ඇතුළෙ ප්‍රශ්න එයි. පක්ෂය ඇතුළෙ ප්‍රශ්න එයි. ඒ නිසා තීන්දු ගැනීමයි වැදගත්. එහි වගකීම තියෙන්නෙ අගමැතිට හා ජනපතිටයි.
දැන් පේන විදියට එක එක, එක එක නම් එළියට එනවා. ඒ නම් එක එක විදියටයි එන්නේ. ඔනරබල් ආර්.කේ. කිව්වහම කවුද? දන්නැහැ කියලනෙ කියන්නෙ. හැබැයි ඔනරබල් ආර්.කේ. කිව්වහම සාමාන්‍ය කෙනකුට තේරෙනවා කවුද මේ කියන්නෙ කියලා. ඒ ගැන තීන්දු ඒ කොමිෂන් සභාවේ විනිශ්චය මණ්ඩලය ගනීවි.
මම හිතන්නෙ ආණ්ඩුවක් හැටියටත් පක්ෂයත් හැටියටත් මේ වෙලාවෙ තීන්දු තීරණ වැදගත් කියලයි. මොකද? මිනිස්සු අපෙන් බලාපොරොත්තු වෙනව එහෙම පිරිසුදු බවක්.
සමහර කාරණාවලදී අපට පේනවා එතැනට උත්තර දෙන්න යන අය නිරුත්තරයි. ඉතින් ඒ වෙලාවට මොකක් හරි එකක් කියනවා. සමහර අය නිරුත්තර වෙන්නේ නොදන්නාකම නිසා වෙන්න පුළුවන්. නැතිනම් තමුන් අතින් වෙච්ච සිද්ධිය පිළිගන්න දක්වන අකැමැත්ත නිසා වෙන්න පුළුවන්.''