ජාතික ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යාංශය යටතේ තිබිය යුතු වුවද මෙය විදේශ කටයුතු අමාත්‍යාංශයට පවරා දීමට එරෙහි වී ඇති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමට සූදානම් බව ඔහු සඳහන් කළේය.
1963 අංක 11 දරන පනතට අනුව ලොතරැයි මණ්ඩල පැවැතිය යුත්තේ මුදල් අමාත්‍යාංශ යටතේ බැවින් මෙම ලොතරැයි විදේශ අමාත්‍යාංශය යටතට පත් කිරීමට එරෙහිව ශ්‍රේෂඨාධිකරණයේ නඩුවක් පවරා තිබියදී අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව තමාගෙන් කටඋත්තර ලබා ගන්නේ කුමක් නිසාදැයි තමන්ට
අවබෝධයක් නොමැතී බවද මන්ත්‍රීවරයා කීවේය.
කොළඹදී ඊයේ (13) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට සම්බන්ධ වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී ඔහු මෙසේද කීවේය.
“ අප ජනතාවට කරුණු ඉදිරිපත් කරන්නේ පෞද්ගලික එදිරිවාදීකම් නිසා නොවෙයි. මන්ත්‍රීවරුන් ලෙස අපි සත්‍ය හෙළි කරන්න ඕනේ. මුදල් අමාත්‍යාංශය යටතේ තිබිය යුතු ලොතරැයි මණ්ඩල විදේශ අමාත්‍යාංශය යටතට පත් කිරීම නීතිවිරෝධීයි. ඒ ගැන අපි අවස්ථා ගණනාවකදී මාධ්‍ය හමු  තියලා පැහැදිලි කරලා තියෙනවා. මේ පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ‍පොලිස්පතිට පැමිණිලි කරන බවට පාර්ලිමේන්තුවේදී කීවා”. යැයි මන්ත්‍රීවරයා කීවේය. මෙහිදී  මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු අමාත්‍යවරයා සඳහන් කළේ හෙට (15) තමන්ගෙන් කට උත්තර ලබා ගැනීමට ඛි..ච්. නිලධාරී සූදානම් වන බවයි.
මාධ්‍යවේදීන් : ඔබව ඛි..ච්. කැඳවලා තිබෙනවද ?
මන්ත්‍රීවරයා  : ඒ අය මගෙන් කට උත්තරයක් ගන්න ඕනෑ කීවාට ඒ අයට මම හෙට අපේ ගෙදරට එන්න කීවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල වජිරාශ්‍රමයේ අධිපති වටිනාපහ සෝමානන්ද හිමියන්ගෙන්ද ඉකුත් ජූලි 28 දා කට උත්තර සටහන් කර ගෙන ඇතිබවද මන්ත්‍රීවරයා කීවේය.

ජයසූරිය උඩුකුඹුර
(lakbima)