පාර්ලිමේන්තු මන්ත්‍රී පුසන්න රණතංඅග මහකා ඊයේ මෙසේ කියා තිබේ.

එදා අපේ ආණ්‌ඩු කාලයේ ජාතික උවදුරු ඇති නොවීමට වගබලා ගත්තා. හමුදාවේ සහාය අරගෙන එදා එම කටයුතු කළා. දැන් මේ ආණ්‌ඩුව ඩෙංගු හැදිලා ජනතාව මැරෙන කොට ජාතික උවදුරක්‌ කියලා හමුදාව යොදාගෙන ඊට ප්‍රතිකර්ම යොදන්න හදනවා. මේක කරන්න තිබුණේ ජාතික උවදුරක්‌ බවට පත්වීමට පෙරයි.
මේ ආණ්‌ඩුව ප්‍රශ්නවලට පිළිතුරු හොයන්නේ අතීසාරයට අමුඩ ගහනවා වගේ. නිදහසට කරුණක්‌ ලෙස හැම දේටම ඩෙංගු පාවිච්චි කරනවා.

ඩෙංගු සම්බන්ධව ආණ්‌ඩුව
ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන බොරු. රජයේ වෛද්‍ය සංගමයේ සභාපතිවරයා චෝදනා කළා නියම සංඛ්‍යා ලේඛන ලැබෙන්නේ නැහැ කියලා. පසුගිය වසරවල ඩෙංගු රෝගීන් හිටියත් අද වගේ රෝහල්වල විශාල තදබදයක්‌ තිබුණේ නැහැ. තදබදය මෙලෙස නම් රෝගීන් සංඛ්‍යාව දස ගුණයකින් වැඩිවෙලා.

අපිට ලැබෙන තොරතුරු අනුව මේ වන විට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 4 කට වඩා වැඩියි. පාසල් දරුවෝ මේ උවදුරට විශාල වශයෙන් ගොදුරුවෙලා රටම කැළඹිලා. ආණ්‌ඩුවට ඩෙංගු නවත්වන්න ක්‍රමවේදයක්‌ නැහැ. මාධ්‍යවලට කියන කතා විතරයි. ප්‍රායෝගික වැඩපිළිවෙළක්‌ නැහැ. ඩෙංගු මැඬලීමට කටයුතු නොකර ඒ සඳහා දඩ ගසා ආදායම් ලබා ගැනීමට වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන්නේ.