රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය, චීන තානාපති කාර්යාලය සහ රුසියානු තානාපති කාර්යාලය යන විදේශ තානාපති
කාර්යාල වෙත ගොස්
ශිෂ්‍යයන්ට පහරදීම, පැහැරගෙන යෑම, රඳවා තබා ගැනීම යන කරුණු ඇතුළත් ලිපි භාරදුන් බව එම සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පැවැසීය.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා හමුවීමට තම සංගමයට අවස්ථාවක් ලබාදීමටද එහිදී කැමැත්ත ප්‍රකාශ වූ බවද හෙතෙම සඳහන් කළේය.
ඉදිරි දිනවල තවත් තානාපති කාර්යාල කිහිපයකට මෙම තත්ත්වය සඳහන් ලිපි යොමු කරන බවත් ශ්‍රී ලංකාවේ සියලුම විදේශ තානාපති කාර්යාල හරහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සිදු කෙරෙන අකටයුතුකම් හා සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳවද ජාත්‍යන්තරය දැනුවත් කරන බවද වෛද්‍ය නවීන් ද සොයිසා පැවැසීය.

ජේ. ටී. ද සිල්වා