වෘත්තීමය යාචකයන් හේතුවෙන් සැබෑ අය දැඩි අපහසුතාවට පත්ව ඇතැයිද සමීක්ෂණය මගින් අනාවරණය කරගෙන තිබේ.
සිය රැකියාව ලෙස යාචක වෘත්තියේ යෙදෙන පිරිස් කොළඹ නගරයෙන් පිටත ජීවත් වන අතර,  ඔවුන් මෙහෙයවන පිරිස් කණ්ඩායමක් ලෙස ස්ථාන මාරු කරමින් සේවයේ යොදවා කොමිස් මුදල් ලබාදෙන බව
අනාවරණය කරගෙන ඇත.
මුදල් මංකොල්ලකෑමේ කටයුතු මෙන්න විවිධ සොරකම්ද ඔවුන් අතින් සිදුවන බව සොයාගෙන ඇත. මෙම මෙහෙයවන පිරිස් පොලිසියේ සහායද ලබාගෙන සිය රැකියා ලාභින් ආරාක්ෂා කරන බවත් ඔවුන් සම්බන්ධයෙන් අදාළ අංශ කඩිනම් පියවර ගැනීම වැදගත් බවත් සමීක්ෂණයෙන් දන්වා ඇත.

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇති ආකාරයට කොළඹ නගරයේ සැබෑ යාචකයන් සිටිනුයේ 660ක් වන අතර, මුදල් උපයන කණ්ඩායම් වල අවශ්‍යතා සපුරාලීමට යාචකයින් ලෙස වෙස්වළාගත් වෘත්තිමය යාචකයන් 4000ක් සිටින බවට ගණන් බලා ඇත.