ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරය දිගුකලක් දැරූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා අවසන් වසර 5 ක කාල පරිච්ඡේදය අවසන් කර ළඟදී විශ්‍රාම යන අතර ඔහු වෙනුවට මහාචාර්ය කොල්වින් ගුණරත්න
පත්කිරීමට සෞඛ්‍ය ඇමතිවරයා කටයුතු කරන බවට මාධ්‍ය වාර්තා පළවිය.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අත්තනෝමතික ආකාරයෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කළහොත් වහාම අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ අතර මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා දන්වා තිබුණි.

කෙසේ වෙතත් අද මහාචාර්ය කාලෝ ෆොන්සේකා තමන් නැවත පත් කිරීම අනවශ්‍ය බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමා වෙනුවෙන් උද්ඝෝෂණ වලට නොයා යුතු බවත් කියමින් ප්‍රකාශයක් කර තිබේ.

තමාගේ වයස අනුව එම තනතුරේ තවදුරටත් සිටීමට නොකැමති බවද දන්වා ඇති හෙතෙම තමා තනතුරින් ඉවත් වුවත් සයිටම් විරෝධයට අදාළ වැඩ දිගටම කරන බව දන්වා ඇත.