මුහුදු ජලය ගාලු පාරට ඒම නිසා
ඊයේ දකුණේ සුනාමි බියක්

මුහුදු ජලය ගොඩගැලීමේ  සිද්ධි නිසා ඇතිවූ සුනාමි බියක් හේතු කොට ගෙන දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක ජනතාව ඊයේ (5දා) ඔවුන් සිටි ප්‍රදේශවලින් ඉවත් වී තිබේ.
කහව සිට ගාල්ල, හික්කඩුව තොටගමුව පාලම දක්වා ගාලු පාරේ ස්ථාන කිහිපයකින් මේ දිනවල මුහුදු ජලය
ගාලු පාරට ගලා ඒම
මත මෙම අනියත බිය  පැතිර තිබේ.
මේ අතර කළුතර සිදුවූ ගංවතුර තත්වය හේතුවෙන් මෝය කට පුළුල් කිරීම නිසා වෙනදාට වඩා වැඩිදුරකට මුහුදු වතුර ගලා ඒමෙන් දුම්රිය ස්ථානය අවට අනතුරුදායක තත්වයක්ද නිර්මාණය වී ඇතැයි පැවසේ.
කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව සුනාමි ගැන පැතිරුණු කටකතා රාවයකට අනුව ජනතාව මෙලෙස සිය නිවාසවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යාම ගැන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ අසත්‍ය ප්‍රචාරයන්ට සහ කටකතාවලට නොරැවටෙන ලෙසයි.

මෙම තත්ත්වය වාරකන් කාලය නිසා ඇතිවන්නක් බව පැහැදිලි කර තිබේ.
කහව, ගොඩගම, තෙල්වත්ත, පැරෑලිය හා තොටගමුව යන ප්‍රදේශවලද මුහුදු ජලය ගොඩබිමට පැමිණීම සිදුව ඇත.
එම සිදුවීම ගැන වීඩියෝ වාර්තාවක් පහතින්