ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාමගේ පියාණන් ඊයේ 27 රාත්‍රියේ නුගේගොඩ පිහිටි නිවසේදී
අභාවප්‍රාප්තවී තිබේ.
 රොෂාන් මහනාමගේ පියාණන්වන උපාලි මහානාම මහතා  මිය යන විට 77 වැනි වියේ පසුවුනා.
ඔහු කලක් ක්‍රිකට් විනිසුරු සංගමයේ සභාපතිවරයෙකු ලෙස ද කටයුතු කළා.
දේහය 178/සී නෙලුම් පෙදෙස, ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ ලිපිනයේ තැන්පත් කර ඇති අතර හෙට දිනයේ රොස්මිඩ් පෙදෙසේ 100/2 ස්ථානයට ගෙන යාමෙන් පසු හෙට සවස බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කෙරේ.