ජාත්‍යන්තර වරෙන්තු මත අත්අඩංගුවට ගැනීමට සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති
උදයංග  වීරතුංග සමඟ ජපානයේදී ඡායාරූපයකට පෙනී සීටීම නිසා ඇතිවූ සැක සහිත කාරණා හේතුවෙන්
ප්‍රකාශයක් ලබාගැනීමට
සංචාරක සංවර්ධන
හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත අද කැඳවා තිබුණි.
(එම සැක සහිත ඡායාරූපය ඉහතින් දැක්වේ)
මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අක්‍රමිකතාවයක් සිදුකර ඇති බවට
චෝදනා එල්ල වන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට එරෙහිව පොලිස් වරෙන්තු නිකුත් කර තිබෙන අතර හිටපු ජනපතිගේ පසුගිය ජපන් සංචාරයේදීද උදයංග ඡායාරූප ශිල්පියෙකු ලෙස සියලු අවස්ථා ආවරණය කළ බවද වාර්තා විය.