ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ එන්නත වන HPV එන්නත 2017 ජුලි මස සිට ජාතික ප්‍රතිශක්තීකරණ
වැඩසටහන
තුලින් ලබාදීමට නියමිත බව වාර්තාවේ.
මෙය හඳුන්වා දෙනු ලබන්නේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදූ 10 සම්පුර්ණ වූ ගැහැණු දරුවන් සඳහා පාසල් එන්නත්කරණ වැඩසටහනක් ලෙස වන අතර මෙම එන්නත ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට හඳුන්වාදීම තුළින් අනාගතයේ දී ගැබ්ගෙල පිළිකාව මෙරටින් තුරන් කිරිම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේක්ෂාව බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.