විමල් මහින්ද සමග මෝදිට එරෙහිව කළු කොඩි ඔසවන්න කියා
පසුව වෙනස්වුනේ කරුණා නිසා

පසුගිය මැයි 1 වනදා ගාලු මුවදොර පිටියේ පැවති ඒකාබද්ධ විපක්ෂ රැළියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ දන්වා සිටියේ වෙසක් සැමරුමට කියා ඉන්දීය අගමැතිවරයා ලංකාවට පැමිණෙන්නේ ආණ්ඩුව සිදුකරන පාවාදීමක ප්‍රතිඵලයක් ලෙස බැවින් එයට විරෝධය පා අගමැති මෝදිට පෙනෙන්ට රටේම කළුකොඩි දමන ලෙසත්ය.
නමුත් මෙම කළු කොඩි කතාව විමල් ආවේගශීලීව සිදු කළද ඔහුද ඔහුගේ ළඟම සගයා වන උදය ගම්මංපිලද ඔහුගේ නායකයා වන මහින්දද අනුගමනය කළේ නැත.
හිටපු ජනපති මහින්ද මෝදි සහභාගීවූ උත්සවයටද ගිය අතර
මෝදි ඉන්දියාවට යන්නට පෙර

ගොස් හමුවීමටද කටයුතු කළේය. විමල්ගේ නිවසේ හෝ ගම්මංපිලගේ නිවසේ කළුකොඩි පමණක් නොව වෙසක් දිනය වෙනුවෙන් බෞද්ධ කොඩිද එල්ලා නොතිබුණ බව මාධ්‍ය වාර්තා පළවිය.
දේශපාලන ආරංචි හෙළි කරන්නේ මෙම වෙනසට හේතුව මහින්ද පිල සමග කටයුතු කරන හිටපු ත්‍රස්ත නායක කරුණා අම්මාන්ගේ උපදෙසකි.

මහින්ද 2015 පැරදුනේ උතුරු නැගෙනහිර හා අනෙක් කලාපවල ද්‍රවිඩ ඡන්ද ඔහුට විරුද්ධව පාවිච්චිවුණ නිසා බැවින් මහින්ද නැවත රටේ බලය ලබාගැනීමට නම් එම ඡන්ද හරවාගැනීම අත්‍යවශ්‍ය බව කරුණා අවස්ථා කිහිපයකදීම පෙන්වාදී ඇත.

ඒ නිසා ඔහු දැනටමත් නැගෙනහිර පිරිස් සංවිධානය කරගෙන ද්‍රවිඩ ඡන්ද මහින්දට නැවත දිනාදීමේ වැඩසටහනක්ද අරඹා ඇත.
මෝදි විරෝධය හා ඉන්දියානු විරෝධය සංහිඳියා විරෝධය සිංහල ජාතිකත්වයේ නායකයා ලෙස මහින්ද නැංවීමට විමල්ට හොඳ උපාය මාර්ග වුවත් කරුණා දන්වා ඇත්තේ මෝදිගේ පැමිණීම ලක්ෂ සංඛ්‍යාත ද්‍රවිඩ ජනයාගේ සිත්සතන්වලට ආලෝකයක්වී ඇති බවයි. මෝදිගේ රැස්වීමට පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනතාවගෙන්ද එය පසුව තහවුරු විය.
 ඒ හේතුකොට ද්‍රවිඩ සිත්සතන් බිඳවමින් මෝදිට එරෙහිව කලුකොඩි එසවීම යනු මහින්ද 2015 පරාජයටත් එහා ගිය ආගාධයකට තල්ලු කරගැනීමක්වනු ඇති බව ඔහු පවසා ඇත.
මහින්ද වෙනස්වූයේ එම කතාවෙන් පසුය. දේශපාලන වාසිය වෙනුවෙන් විමල් ඇතුළු පිරිස කියූ කතාද නොකියූ සේ කටයුතු කළ අතර වේදිකාවේ සිටි කිසිවෙකු හෝ කළු කොඩි දැම්මේ නැත.

මෝදිව ආදරයෙන් පිළිගනිමින් BMICH ගිය මහින්ද පසුදා ඔහුව හමුවී සුහදවූයේ දෙමළ ජනයාට පෙනෙන්ට ඡායාරූප වලටද පෙනී සිටිමිනි.