එ්කාබද්ධ විපක්ෂය නියෝජනය කරන එකසත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා
අද උදෑසන හදිසි හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ඔහුගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව රෝහල් ආරංචි දන්වා ඇත. 78 හැවිරිදි වාසුදේව නානායක්කාර මහතා දැනට ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවන වයෝවෘද්ධම කිහිපදෙනාගෙන් කෙනෙකි.