[Trending][btop]
[News][stack]

කටාර් එයාර්වේස් ගුවන් යානයක් හදිසි ගින්නක් නිසා කටුනායක ගොඩබාලා

තායිලන්තයේ පුකෙට් සිට දෝහා කටාර් බලා පියාසර කරමින් තිබු ගුවන් යානයක් ගින්නක් හේතුවෙන් හදීසියේ කටුනායක ගුවන් තොටුපොළට ගොඩබස්වා තිබේ.

කටාර් ගුවන් සේවයට අයත් බෝයිං 787 වර්ගයේ ගුවන් යානයක් එලෙස කටුනායකට ගොඩබස්වා ඇති අතර ගින්න නිවා දමන්නට කටයුතු කර ඇත.
සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සි නිමල්සිරි මහතා ප්‍රකාශ කළේ, යානය තුළ මගීන් 202 දෙනෙකු සිට ඇති අතර ඔවුන්ට නවාතැන් පහසුකම් සපයා ඇති බවත් වෙනත් යානයකින් පිටත් කරන්නට කටයුතු යොදා ඇති බවත්ය.