ලබන ජුනි 1 වනදා සිට කටුනායක බන්ඩාරනායක ගුවන් තොටුපලේ නව ආරක්ෂක පටිපාටියක් ක්‍රියාත්මක
කිරීමට ගුවන් තොටුපල

කළමනාකාරීත්වය තීරණය කර තිබේ.
 ගුවන් සේවා සමාගමේ කළමනාකරු එස් එච් හෙට්ටිආරච්චි සඳහන් කරන ආකාරයට නව නීති මෙසේය.

1) ගුවන් මගියෙකුට තම අත්බෑගය තුළ ගෙන යා හැකි දියර වර්ග, ජෙල් වර්ග සහ ස්ප්‍රේ වර්ගවලට ප්‍රමාණයන්ට සීමා පවතී.
2)ජලය, සුප් වර්ග, බීම වර්ග, ජෑම් වර්ග, සෝස් වර්ග ගෙනයාමට අවසර ලද යුතු අතර දියර වර්ග සියල්ල විනිවිද පෙනෙන නැවත වැසිය හැකි පොලිතින් බෑග්වල ඇසුරුම් කිරීමත් පරිමාව ලීටරයකට නොවැඩි වීමත් අවසරය සඳහා වැදගත්වේ.
(මෙම නිති අත් බෑගය (හෑන්ඩ් ලගේජ්) ගෙනයන ද්‍රව්‍ය සඳහා අදාළ වන අතර ගුවන් ටිකට්පත් කවුලුව වෙත භාර දෙන ගමන් මළුවලට අදාළ නොවේ)