ආපදා ඇමති අනුර ප්‍රියදර්ශන
මෙක්සිකෝවෙන් හමුවේ
අද ලංකාවට

පසුගිය දිනවල ගංවතුරින් අතුරුදන් බවට සමාජ ජාල කතා පැතිරුණු ආපදා කලමණාකරණ ඇමති අනුර ප්‍රියදර්ශණ යාපා මහතා මින් සතියකට පමණ පෙර සිට කල් ගත කර ඇත්තේ මෙක්සිකෝවේ බව වාර්තා විය.
ආපදා වළක්වාගැනීම පිළිබඳ විශ්වීය ක්‍රමවේදය පිළිබඳ සමුළුවකට
ශ්‍රී ලංකාව නියෝජනය කළ

ඔහු පසුගිය 24 වනදා තමන්ට නියමිත කතාව කර තිබුණ අතර කතාවේ මාතෘකාව වී ඇත්තේ ‘ස්වාභාවික විපතකදී යටිතල පහසුකම් වලට සිදුවන හානි අඩුකර ආර්ථික හානි අවම කිරීම කළ හැක්කේ කෙසේද‘ යන්නයි.
කෙසේ වෙතත් ඔහුගේ කතාවද අවසන්වූ පසු 26 වනදා සිට ලංකාවේ අධික වැසි හා ජලගැල්ම සමග විපත් ඇති විය. නමුත් ඔහු පෙරළා ලංකාවට එන්නට කල්පණා කර තිබී නැත. ඔහුගේ සමුළුව පැවති මෙක්සිකෝවේ Cancun නුවර සිට ලංකාවේ නියොජ්‍ය ආපදා ඇමති දුනේෂ් ගන්කන්දට ආපදාව බලන්නැයි උපදෙස් දී පසුගිය 29 සඳුදින ඇමරිකාවේ නිව්යෝර්ක් වෙත ගිය ඇමතිවරයා පසුව එහි සිට ඊයේ ඩුබායි වෙත පැමිණ ඇති අතර අද 31 ලංංකාවට පැමිණීමට නියමිතය.

ඇමතිවරයා සමුළුවේ වාඩිවී සිටි ආකාරය දැක්වෙන ඡායාරූපය පහතින්

(ඡායාරූපයේ ඇස් පියවී ඇත්තේ ෆ්ලෑෂ් ලයිට් එකට විය යුුතුය- වෙනත් ඡායාරූප අපට ලැබී නැති නිසා එය පළ කර ඇති බව සලකන්න)