උපවාස රෝහල්ගතවීම් කිරි වීදුරු නාටක අවසානයේ
විමල්ට යළිත් ඇප නොලැබේ
විෂ බීජ ආසාදනයක් නිසා විමල් උසාවි නොඑයි

පසුගිය සති දෙකක පමණ කාලයේ පුවත්පත්වල සිරස්තල මවමින් දරුවන් සමග උපවාස කරමින් රෝහල් ගතවෙමින් අවසානයේ කිරි වීදුරු පානය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නාටකීය පුවත් මැවීම පිළිබඳ විනිශ්චය ඊයේ තීන්දුවට ලක්කරන්නට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යොමුවූ අතර විනිසුරු ලංකා ජයරත්න යළිත් වතාවක්
විමල් වීරවංශට ඇප දීම
ප්‍රතික්ෂේප කරනු ලැබුවාය.
ඊයේ විමල්ගේ ඇප අයැදුමේ නැවත සඳහන් කර තිබුනේ දියණිය රෝගී වීම ඇගේ විභාග වැඩවලට පාඩුවන බවත් ඇය රෝගී වන්නේ තමා හිරේ නිසා බවත් ඇයට මානසික සහනය ලබාදීම සඳහා තමා ගෙදර සිටිය යුතු බවත්ය.
කෙසේ වෙතත් ඇප අයදුම සමග ඇති වෛද්‍ය වාර්තා එම කරුණු ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් නොවූ නිසා එය ප්‍රතික්ෂේප විය.කෙසේ වෙතත් තවත් දින 4 කින් එනම් 7 වනදා නැවත සැකසූ අයදුම් පත්‍රය ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරිය නියම කළාය.
ඊයේ මෙම නඩු විභාගය සඳහා දැනට ජාතික රෝහලේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහභාගීවූයේ නැත. ඔහුගේ නීතීඥයින් පමණක් විභාගය සඳහා එක් විය. විමල්ට තදබල උණරෝගී තත්ත්වයක්‌ හට ගෙන ඇතැයි ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය සිරිල් ද සිල්වා මහතා දන්වා ඇත.

උපවාසය අවසන් කළ මන්ත්‍රීවරයා ඝන ආහාර ගැනීම ආරම්භ කළ නිසා නැවත බන්ධනාගාර රෝහල වෙත යොමු කරන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීම ජාතික රෝහලේ වෛද්‍යවරුන් විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබුයේ මන්ත්‍රීවරයාගේ උණ රෝග තත්ත්වය උත්සන්න වීම හේතුවෙනි.
බන්ධනාගාරයේදී මන්ත්‍රීවරයාගේ ශරීරයට කැනියුලාව ඇතුළු කරන ලද ස්‌ථානයෙන් විෂ බීජයක්‌ ශරීරගත වී ඇති නමුත්
උණ රෝගී තත්ත්වයට හේතුව මන්ත්‍රීවරයාගේ පෙනහැල්ලේ ආසාදනය නොවන බවද වෛද්‍යවරයා දන්වා ඇත.