විශ්ව රූප රැජිණි තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කළ පසුව බොලිවුඩ් සිනමාවට පිවිසි ජැකලින් ෆර්නැන්ඩස් මේ දක්වා
බොලිවුඩ් හා හොලිවුඩ් සිනමා පටවල රඟපාමින් මුම්බායිහි ජීවත්වූ අතර ශ්‍රි ලංකාවේ සිනමාවට පිවිසෙන්නට උත්සාහ කළේ නැත.
අධික මිල නිසා ලංකාවේ අධ්‍යක්ෂවරුන්ද ඇයව තෝරාගෙන තිබුනේ නැත.

නමුත් ජාත්‍යන්තර තලයේ සිනමා නිර්මාණය කරන ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍ර රත්නම් මහතා විසින් අධ්‍යක්ෂණය කළ According to Matthew  නම් නවතම සිනමා නිර්මාණය හරහා ජැක්ලින් ලංකාවට සම්බන්ධ නිර්මාණයකට මුල්වරට පිවිස සිටී.
පියතුමෙකු හා කාන්තාවක අතර ඇතිවන ප්‍රේම සම්බන්ධයක් වටා සත්‍ය කතාවක් ඇසුරෙන් මෙය නිර්මාණය කර ඇති බව කියැවේ.
ළඟදීම නිකුත්වන්නට නියමිත එහි ට්‍රෙලරය පහතින්