හාමුදුරු නමක් කිරි පොවා
විමල් වීරවංශගේ උපවාසය
නිල වශයෙන් අවසන් කෙරේ


පසුගිය දින 9 ක් පුරා බන්ධනාගාරයේ වැතිරෙමින් තමා හා දරුවන් රෝහල් ගත කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ අධිකරණ තීරණයක් වෙනස් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ උපවාසය අද පෙරවරුවේ අත්හැර දමා ඇති බව ඔහුගේ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මුසම්මිල් මහතා නිල වශයෙන් නිවේදනය කර තිබේ.
මින් ඉහත විමල්  සිර මැදිරියේ සිට බන්ධනාගාර රෝහලට ඇතුළුවූ අවස්ථාවේ තෙවැනි දිනයේ අග යහමින් ආහාර ලබාගත් බවට
ද නිල නොවන ආරංචි තිබුණ

නමුත් ඒ ගැන කිසිවක් ප්‍රකාශ කර නැත.
රාමඤ්ඤ නිකායේ මහ නායක නාපානේ හේමසිරි නාහිමියන්ද මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියන්ද
 පල්ලත්තර සුමනජෝති හිමියන්ද ඇතුළු මහා සංඝරත්නය කොළඹ ජාතික රෝහලට පැමිණ සෙත් පිරිත් සජ්ඣායනා කොට ආශිර්වාද කිරීමෙන් අනතුරුව  විමල්ට කිරි වීදුරුවක් පෙවූ බවත් ඉන් පසු දින 9 ක වර්ජනයව නිමා කළ බවත් නිල නිවේදනයේ දැක්වේ.

රජයේ වාහන අවභාවිත කිරිමේ චෝදනා යටතේ දින 80 කට ආසන්න කාලයක් බන්ධනාගාරයේ සිටින විමල් තමන් කර තිබෙන්නේ වරදක් ලෙස කිසිවිටෙක පිළිගන්නේ නැති අතර ඔහු නිතරම පවසන්නේ අන් අයත් මේක කළ නිසා තමන්ට පමණක් දඩුවම් ලබාදීම වරදක් බවයි.
විමල්ගේ ආහාර වර්ජනයට සමගාමීව ඔහුගේ දරු දෙදෙනාද ආහාර වර්ජනය කර රෝහල් ගතවූ නමුත් ශෂී වීරවංශ ආහාර දිගටම ලබාගත්තාය.

දරුවන්ගේ විභාග දරුවන්ගේ හාමත ආදී හේතු දක්වමින් විමල්ට ඇප ලබාදෙන ලෙස ඔහු මෙතෙක් කළ ඉල්ලීම් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙන අතර ලබන 3 වනදාද ඔහුගේ ඉල්ලීමක් සලකා බැලීමට දින යොදා ඇත.
අධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් විමල් උපවාසයක නිරතවීම කෙතරම් දුරට අධිකරණය පිළිගනීද යන්න එදින තීන්දුවනු ඇත.

විමල් වීරවංශ මින් ඉහත මහින්ද රාජපක්ෂ සමයේ බැන්කි මූන්ට එරෙහිව තුන්මුල්ලේ එජා කාර්යාලය අසළ උපවාසයක් සිදු කර ප්‍රසිද්ධ වූඅතර බැන්කිමූන්ගේ කිසිදු ප්‍රතිචාරයක් නැතිවම ඔහු උපවාසය අත්හැරියේ මහින්ද රාජපක්ෂ තැඹිලි වතුර පෙවීමෙන් පසුවයි.