අතිශය පුද්ගලික දේ ෆේස් බුක් දැමීමෙන්
ප්‍රවිණ ගායකයාට දරුවන් සිදු කළ මදිපුංචිකම

වික්ටර් රත්නායකගේ දෙවන විවාහය පිළිබඳ සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි ඔස්සේ පැතිර ගිය කතාබස් රැල්ල මේ වනවිට අතිශය ජුගුප්සාජනක කථාබහක් බවට පත්ව තිබේ.
තරුණ වියේ සිට විසේකාර ස්වරූපයකින් හැසිරුණ ලෙලුම් රත්නායක මෙම ප්‍රශ්නයේදී අන් දරුවන්ටත් වඩා ඉක්මණ් වූ
සෙයක් දිස්වූ අතර ඔහු සිදු කළ



ක්‍රියාව නිසා වික්ටර්ගේ පුද්ගලික ජීවිතයේ කාරණාව තැන තැන කථාවෙන අවිනිශ්චිත ආරංචියකට වඩා තහවුරු කරගත් ඇත්තක් ලෙස ප්‍රධාන වේදිකාවට ගෙන ආවේය.

වික්ටර්ට දරුවන් සැලකුවේ නැති කතාවක්ද ඔහු තමන්ගේ සැඳෑසමය වෙනුවෙන් වැදගත් තීරණයක් ගත් බවක්ද ඇතැම් අය තර්ක කරද්දී මුදල් වියදම් කර සේවිකාවක ලබාගන්නට හෝ වැඩිහිටි නිවාසයක පිහිට ලබාගන්නට ඔහු තීරණය නොකර ළාබාල යුවතියක සරණපාවා ගන්නට ගියේ තරණ මදයකින් යළි මුසපත්වූ නිසා බවට ඇතැමුන් විවේචනය කර තිබේ.

මෙම විවේචන කෙතරම් පහත් මට්ටමට වැටී ඇතිද යත් අවසානයේ ඔහුගේ ලිංගික ආසාවන් උපහාසයෙන් විවේචනය කරන තැනට සමාජ මාධ්‍ය තුළ මේ ගැන කොමෙන්ටු පළව තිබේ.

මේ සමග පහත පළවන්නේ වික්ටර් පුතු ජයන්ත රත්නායකගේ ෆේස් බුක් පිටුවේ මෙම ජුගුප්සාජනක තත්වය පෙන්වාදෙමින් කෙනෙකු යොමු කළ පණිවිඩයකි.
වියපත් වික්ටර්ගේ තරුණ මදය පහත් ලෙස විවේචනය කළ කොමෙන්ටු උපුටා දක්වමින් එය යොමු කළ තැනැත්තිය මෙසේ ලියා ඇත.
‘අතිශය පුද්ගලික ප්‍රශ්න fb දමා හත්පොලේ ගාගත් දරුවන් විසින් නෙලාගත් දෙය! නුබලානම් කරුමයට උපදින දරුවන්ය. දරුවෝ නොව මරුවෝය.‘