‘ප්‍රේමයට වයසක් නෑ...‘
පෙම්වතිය හමුවීමෙන් පසු
වික්ටර්ගේ අදහස් වෙනස්වූ හැටි

විදෙස් ප්‍රසංග කථාවලදී හෙළිවේ

පසුගිය දිනවල ආන්දෝලනයක් ඇතිවූ ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ අලුත් විවාහ දිවිය සම්බන්ධ සිදුවීම වසර 9 ක ආදර කතාවක් මල් ඵල ගැන්වීමක් ලෙස වාර්තා විය. හසිනි අමේන්ද්‍රා ඔහුට මුණගැහෙන අවස්ථාවේ ඔහු 66 හැවිරිදි වැඩිහිටි වියෙහිද හසිනි 24 හැවිරිදි තරුණ වියෙහිද පසු විය.
මෙම කාරණාව ධනාත්මකව විමසන කෙනෙකුට වික්ටර්ගේ ජීවිතයේ අලුත් ප්‍රබෝධයක් ඇය විසින් ඇති කරනු ලැබ ඇතැයි පෙනී යයි.
වික්ටර්ට ලංකාවේ ප්‍රසංග ඉදිරියේ පෙම් සබඳතාවන්ගේ අලුත් ප්‍රවණතා වැනි විෂයන් ගැන කථාකරන්නට උවමනා වූයේ නැතත් සිය නිදහස් අදහස් බොහෝ විට කලඑළි දුටුවේ විදෙස් ප්‍රසංග වල
ගීත ගයන්නට පෙර ඒවා හඳුන්වාදීමේදීය.
කෙසේ වෙතත්  ඔහු එවැනි කතා පැවැත්වූ අවස්ථා වල කලකට ඉහත දැක්වූ සාම්ප්‍රදායික අදහස් පසු කාලීනව නම්‍යශීලී ලෙස වෙනස්වූ බව පෙනී යයි.
පහත පළවන්නේ වික්ටර් විදෙස් ප්‍රසංග අතරදී කතා පැවැත්වූ වීඩියෝ දෙකක එකතුවකි. ඔහු මුලදී ඒ ගැන කියූ සාම්ප්‍රදායික දේවල් නව පෙම් සබඳතාවයක සුන්දරත්වය විඳින කාලය වන විට වෙනස්වී ඇති ආකාරය ඒ ගැන විමසීමේදී ප්‍රකට වේ.


වික්ටර් කලකට ඉහත පැවසූ දේ
‘අපේ කාලයේදී නම් ගැහැණු දරුවෙකුට කිසියම් ආදරයක් ඇති වෙලා..පිළිබඳ සිතක් ඇති වෙලා.දෙන්නට මුණගැහෙන්න උවමනාවක් තියනවා නම් ඒක ඉතින් කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වගේ තමයි ඒ අවස්ථාව හම්බු වෙන්නෙ. මං හිතන්නේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ගැන මං වැඩිය කියන්නට ඕනෑ නෑ කියලා.නමුත් අද නම් තත්වය ඒක නෙමෙයි.මූණෙන් මූණ බලාගෙන කථාකරන්න පුළුවන්.එස් එම් එස් යවන්නට පුළුවන්. තව තව එස් සෙක්ස් දේවල් ගොඩක් යවන්නට පුළුවන් කම තියනවා.නමුත් එදා එහෙම තිබුනෙ නෑ දෙයියනේ. මේ ඊරිසියාවෙන් කියනවා නෙමෙයි. ඒ කාලෙ තිබුණ ඇවතුම් පැවතුම් චර්යා ධර්ම ඒ කාලෙ දරුවො පිළි පැද්දා.‘

වික්ටර් මෑතක පැවසූ දේ
‘ඔබ වැනි දුරු රටක ඉන්න රසික රසිකාවියන්ට මේව ගැන කියන්නෙ නැතුවත් බෑ. මොකද දැන් මම ප්‍රේම ගීත ගයන වයසකද ඉන්නෙ කියලා. හැබැයි ඉතින් ප්‍රේම ගීත ගයන්න වයසක් ඕනද නේද?ප්‍රේම කරනවනෙ ඉතින්.තමාගේ කෙනාට වැඩිය ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවනෙ සමහරුන්ට.බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවනෙ.ඒ නිසා ප්‍රේමයේ පරක් තෙරක් නැහැ. වයසකුත් නෑ. වයස සීමාවක් නැතිව ප්‍රේම කළ හැකියි. හැබැයි ඉතින් ගුටි නොකා එහෙම කරන්න ඕන‘

එම කතා දෙකේ වීඩියෝව පහතින්