සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ
ප්‍රධාන ලේකම් ඉන්දික රුවන් පතිරණ මහතා සඳහන් කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින ගැටළු කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවය.
ඒ පිළිබදව අද (07) පෙරවරුවේ දුම්රිය සාමාන්‍යායාධිකාරීවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එහිදි ලිඛිත එකඟතාවයක් නොලැබුණහොත් වර්ජනය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව ඉන්දික රුවන් පතිරණ මහතා සඳහන් කළා.