මින් මාසයකට පමණ පෙර කොළඹ ආනන්ද-නාලන්ද පාසල් අතර ගැටුමක් ඇතිවීමෙන් පසු ඉදිරියේ බිග්මැච්
පැවැත්වීම අවදානම්
බවත් අනවශ්‍ය කරදර ඇති වන නිසා මෙම බිග්මැච් සංස්කෘතියම මුලිනුපුටුටා දැමිය යුතු බවත් ජාතික හෙළ උරුමයේ හිටප්‍ර ප්‍රධානී ඕමල්පේ සෝභිත හිමියන් මාධ්‍ය වෙත කරුනු දන්වා සිටියා.
ඉන්පසු අධ්‍යාපන ඇමතිවරයා බිග්මැච් නතර කිරීමේ අවශ්‍යතාවක් නැති බව පිළිතුරු දුන් පසු සෝභිත හිමියන් නැවත දන්වා සිටියේ සියලුම පාසල්වල බිග්මැච් නතර කරන්නට තමන් නඩු මගට එලැඹෙන බවකි.
කරුණු මෙසේ තිබියදී පසුගිය බිග්මැච් සමයේ විශේෂ සිදුවීම් වාර්තා නොවූවද ඊයේ කොළඹ මහානාම විදුහලේ සිසුන් යසෝදරා බාලිකා විද්‍යාලයේ ඇති කළ අලකලංචියෙන් පසු සෝභිත හිමියන් නැවත දන්වා සිටින්නේ තමා කියූ දේවල් දැන් සත්‍ය තත්වයට පත්ව ඇති බවකි.
පාසල්වල බිග්මැච් සංස්කෘතිය නිසා රටේ ජනතාවට ඇතිවන පීඩා ගැන රජයේ අවධානය යොමුවිය යුතු බවද උන් වහන්සේ දන්වා සිටී.