ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට පිස්තෝල දෙකක් රැගෙන ඒමේ සිද්ධියට අදාළව එහි ප්‍රධාන සැකකරු වන විදානගමගේ රංගන නොහොත් 'මයියා' විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් වැල්ලවත්ත ප්‍රදේශයේ
සිටියදී අත්අඩංගුවට ගෙන
ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක කාලයක් පොලිසියේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබේ.

රත්මලාන ප්‍රදේශයේ ක්‍රියාත්මක පාතාල කල්ලි දෙකක පවතින ගැටුමක් හේතුවෙන් ඉන් එක් කල්ලියක නායකයකු දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින 'ගොනා කෝවිලේ රොහා' නමැත්තා ඝාතනය කිරීම සඳහා මොහු ගිනි අවි සමඟ පැමිණ ඇති බවටද කරුණු හෙළි වී ඇත.
'ගොනා කෝවිලේ රොහා'ගේ විරුද්ධ කල්ලියේ නායකයකු වන 'රොෂා' නමැත්තකු විසින් ගිනි අවි ලබාදී 'මයියා' නමැත්තාව ඉකුත් 1 වැනිදා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඒවා තිබූ බවටද විමර්ශනවලදී හෙළි වී තිබේ.

2013 වසරේදී කුරුණෑගල මාස්පොත ප්‍රදේශයේදී කුරුණෑගල පොලිසියේ රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව 'ගොනා කෝවිලේ රොහා' නමැත්තාව එදින බන්ධනාගාරයේ සිට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබිණි.

(චාමර අමරසූරිය - එම්.සි. පෙරේරා)