පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව නේවාසිකාගාරයට යොදා තිබෙන ‘ලලිත් ඇතුළත්මුදලි‘ නාමයට තමන්
අකමැති බව දක්වා
එහි සිහිවටන ඵලකය සිසුන් විසින් කඩා විනාශ කර දමා ඇති බව වාර්තා වේ.
සිසුන් 400කට නේවාසික පහසුකම් ලබා දීම සඳහාමහල් හතරකින් යුක්තව ඉදිකළ මෙම ගොඩනැගිල්ල ඇතුලත්මුදලි මහතාගේ නමින් විවෘත කිරීමට විරෝධය පළ කරමින් මහා ශිෂ්‍ය සංගමය විසින් උපකුලපතිවරයාට ලිපියක් බාර දී තිබී ඇති අතරවාරයේ සිහිවටන ඵලකය කඩාදැමීමද සිදු කර ඇත.
රුපියල් මිලියන 148ක් වැයකර ඉදිකර ඇති කාමර 100කින් සමන්විත එම ගොඩනැඟිල්ල සිසු අයිතියට පැවරීමේ උත්සවය පසුගිය 12 වනදා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නට නියමිතව තිබුණත් එය කල්දමා තිබේ.
සරසවි සිසුන්ගේ නිදහස් අධ්‍යාපනයට රුකුල් දීම වෙනුවෙන් මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය ඇරඹූ ලලිත් ඇතුළත්මුදලි හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයෙකුද වෙයි. ඔහු එකල එජාපයේ ප්‍රබල සාමාජිකයෙකුවීම සහ විරෝධතා දක්වන සිසුන් වෙනත් දේශපාලනයක නිරතවීම මෙම ගැටලුවට මුල්ව ඇත.