කටුනායක බණ්‌ඩාරනායක ගුවන් තොටුපළේ ගුවන් ධාවන පථයේ ප‍්‍රතිසංස්‌කරණ කටයුතු මේ වනවිට
අපේක්ෂා කළාක්

මෙන් මුළුමනින්ම පාහේ නිමකර ඇතැයි ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක්‌ අබේසිංහ මහතා පවසා තිබේ.
ඒ අනුව ධාවන පථයේ ප‍්‍රතිසංස්‌කරණ කටයුතු සියල්ල ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව නිමකර ඇති බවත්
මේ දක්වා මගීන්ට සිදුවූ බාධා ඉවත් කරමින් ලබන අප්‍රෙල් 6 වනදා සිට පැය 24 වඩාත් කාර්යක්ෂම ලෙස සේවාවන් අරඹනු ඇති බවත් ඔහු දන්වා සිටී.