කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ගුවන් විදුලි වැඩසටහනක් අතරතුර අත්අඩංගුවට ගත් රොෂාන් ප්‍රදීප්
හෙවත් ආමි

රොෂාන් නැමැත්තා හමුදාවට බාරදී තිබේ. කළුතර බන්ධනාගාර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ සිදුකර තිබීමත් සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සමීප සබඳතා ඇති බවට ඔහුගෙන් අදහස් පළවීමත් සැකයට භාජනයවී තිබෙන අතර මංකොල්ලකෑමේ සිද්ධියකට සහ පවුල් ආරවුලක් මත මිනිමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා පවතී.
ආමි රොෂාන් හමුදාවේ සේවය අතැර ගොස් ඇත්තේ නීත්‍යානුකූලව නොවන නිසා ඒ ගැන ඉදිරි විමර්ශනද සිදුවේ. ඒ අනුව  ඔහු හමුදාවට බාරදීමට කොළඹ අපරාධ කොට්ඨාසය පියවර ගෙන තිබේ.