ගුරාව මෙහෙට ගෙන්නුවේ ඉත්තෙක් විදිහට 
- අර්ජුන කියයි

පසුගියදා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස හදිසියේ අසංක ගුරුසිංහ තෝරාපත් කර ගැනීම පසුපස කුමන්ත්‍රණයක් පවතින බව හිටපු ක්‍රිකට් නායක වත්මන් ඇමති අර්ජුන රණතුංග පවසා තිබෙනවා.
ශ්‍රී ලංකා පිළ ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතවූ දිනවල එරටදී පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකදී
ඒ රටේ කාලයක් තිස්සේ අලෙවිකරණ ක්ෂෙත්‍රයේ රැකියාවක

නිරතවෙමින් වාසය කරමින් සිටි අසංක ගුරුසිංහ අහම්බෙන් හමුවීමෙන් පසු තිලංග දයාසිරි ඇතුලු ක්‍රිකට් බලධාරීන්ට එක්වරම ඔහු ගැන මතක්වී ඉක්මණින් ලංකාවට ගෙන්වාගෙන කළමනාකාර තනතුරේ පිහිටුවීම ගැන අර්ජුන බීබීසියට මෙසේ කියා ඇත.

‘අවුරුදු 20ක් මේ රටේ ක්‍රීඩාවට මොකද වුණේ කියලා අසංක ගුරුසිංහ මහත්තයා දන්නේ නැහැ. මොනවගේ දේශපාලන මැදිහත්වීම් සිදුවුණාද? මොනවගේ හොරකම් කළාද? මොනවගේ වැරදි පුද්ගලයෝ ක්‍රීඩාවට ආවද?
යන්න අසංක ගුරුසිංහ මහතා දන්නේ නැහැ. ඒ වගේම මම පැහැදිලිව කියනවා අසංක ගුරුසිංහ, මගේ සහෝදර ක්‍රීඩකයාට ඔය වැඩේ හරියට කරන්න අද ඉන්න පරිපාලනය කවදාවත් ඉඩ දෙන්නේ නැහැ.
පරිපාලනයේ ඉන්න අය දේශපාලන අතගැසීම් කරනවා.
ඔවුන්ගේ මිත්‍ර‍යින්ගේ දරුවන් සෙල්ලම් කරන්න දානවා. ඊයේ පෙරේදත් වුණා. එයින් ක්‍රිකට් පාලක මණ්ඩලයම අපකීර්තියට පත්වෙලා තියෙනවා. මෙතැන සිදුවෙන්නේ මේ පැරණි ක්‍රීඩකයින්ව පාවිච්චි කරලා ඒගොල්න්ගේ එවැනි මඩ වහ ගැනීමේ ක්‍රියාදාමයක්. මේ නිසා මම වගකීමකින් කියනවා මේ සියලුම ක්‍රීඩකයින් අරවින්ද, අසංග, සනත් ඇතුළු සියලුම දෙනාම ක්‍රිකට් ක්‍රීඩාවේ වරදක් වෙනවා නම් ඒ වරද එක්කෝ හදන්න ඕන, එසේ නැත්නම් එතනින් ඉවත් වෙන්න ඕන."