පසුගිය දිනවල රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී උපවාසයක් ඇරඹු විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහි 3 වන දිනයේ අග සෞඛ්‍ය තත්වය අයහපත් කියා බන්ධනාගාර රෝහලට ඇතුළු කළ පසුව ආහාර
ලබාගෙන තිබුණි.
ඒ බව වෛද්‍යවරුන් සනාථ කර තිබුණි.
නමුත්  ඔහු නැවත රෝහලේ සිට උපවාස අරඹා ඇතැයි ඔහුගේ සහායකයින් පවසනවා.
තමාට ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ 7 වන දිනටත්  බන්ධනාගාර
රෝහලේ උපවාසයේ නිරත වන බව ඔවුන් මේ ගැන මාධ්‍ය ඉදිරියේ පවසා ඇත.

මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය තවමත් සාමාන්‍ය පරිදි පවතින නිසා ජාතික රෝහල
වෙත මාරු කර යැවීමේ අවශ්‍යතාවයක් නොමැති බවද  බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
මේ අතර මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීම සඳහා අද දිනයේද ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය
ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ඇතුළු පක්ෂයේ පිරිසක් බන්ධනාගාර රෝහල වෙත පැමිණ තිබෙනවා.
සාමාන්‍ය මනුෂ්‍යෙයකුට එකදිගට දින 7 ක් නිරාහාරව සිටීම තරමක අපහසු තත්වයක් බව වෛද්‍ය මතය වුවද විමල් එම සීමාවන් ඉක්මවා දිගටම උපවාස කර තිබේ.