රජයේ වාහන අවභාවිත කළැයි හිටපු ඇමැති විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනු කළ නඩුව අද විභාගවූ
අතර අවසානයේ ඔහුට ඇප ලබා දීම නැවත වතාවක් අධිකරණය ප්‍රතික්ෂේප කරන ලදි. ඒ අනුව විමල් මාර්තු 6 දක්වා යළි රිමාන්ඩ් කරන්නට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියෝග කළාය.
මේ අනුව විමල්ගේ රිමාන්ඩ් කාලය මාස 2 ක් දක්වා බලපවත්වන එකක් බවට පත්ව ඇත.
මින් ඉහත විමල්ගේ නඩු අවස්ථාවට බිරිය හා දියණිය පැමිණියත් අද පැමිණ සිටියේ බිරිය ශෂී වීරවංශ පමණි.