මහාචාර්ය කාලෝ ෆෝන්සේකා
හදිසියේ රෝහල් ගත කෙරේ


9am. update
ඊයේ රාත්‍රී හදිසි හෘදයාබාධ අසනීප තත්වයක් මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ තත්වය සුව අතට හැරී තිබෙන බව රෝහල් ආරංචි හෙළි කරනවා.
මහාචාර්ය වරයාගේ සෞඛ්‍ය පරීක්ෂණ කිහිපයකින්
අනතුරුව වැඩි කාලයක් නොයවා නැවත රෝහලින් පිටත් කළ හැකි වනු ඇතැයිද වෛද්‍යවරුන් දන්වා ඇත.
 ------------------------------------
12.30am update
හදිසි අසනීප තත්වයක් මතුවීම නිසා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා බ්‍රහස්පතින්දා 23 රාත්‍රියේ රෝහල් ගත කර තිබේ.
පසුගිය දින කිහිපයේ
සයිටම් අර්බුදය සම්බන්ධයෙන්

විශාල ලෙස කථාබහට ලක්වූ ඔහු ඇතැමුන්ගේ විවේචනයන්ටද බඳුන්ව සිටියේය. SLMC (වෛද්‍ය සභාවේ) සභාපති ලෙස කටයුතු කළ ඔහු සයිටම් අනුමත නොකළ අතර ඒ වෙනුවෙන් පසුගිය දිනවල කටයුතු කර වෙහෙසට පත්ව සිටියේය.

ඔහුගේ රෝහල් ගතවීම සම්බන්ධ වැඩිදුර තොරතුරු තවම වාර්තා නොවේ.