පසුගියදා ඔස්ට්‍රෙිලියාව හා ශ්‍රී ලංකාව අතර පැවති දෙවෙනි විස්සයි විස්ස තරඟයේදී විනිසුරුගේ
තීරණයට අප්‍රසාදය පළකිරීම හේතුවෙන් නිරෝෂන් දික්වැල්ලට හෙට පැවැත්වෙන විස්සයි විස්ස තරඟය හා
මීළඟ එක්දින තරඟයක් අහිමිවී තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරඟ විනය නීති කඩකිරීම යන වරද යටතේ ඔහුට මෙලෙස තරඟ තහනම
පනවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. මීට පෙරාතුවද දකුණු අප්‍රිකානු සංචාරයේදී
වේගපන්දු යවන ක්‍රීඩක කාදිසො රබාඩා සමග ගැටුමක් ඇතිකර ගැනීම හේතුවෙන් දික්වැල්ලගේ ගෙවීමෙන්
සියයට 50 ක දඩ මුදලක් අයකරගෙන තිබුණි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග

දෙවන පන්දුවාර විස්ස තරගයේදී සිය දැවීයාමෙන් පසු ඔහු හැසිරුණු ආකාරය හා
දකුණු අප්‍රිකාව සමග ඊට පෙර සිවුවැනි එක්දින තරගයේදීද කගිසෝ රබාඩා සමග පිටියේ ඇති කර ගැටුම යන විනය විරෝධී ක්‍රියාවන් දෙකම මෙම ගැටලුවට මුල්ව ඇත.
පෙර අප්‍රිකානු සිදුවීම හේතුවෙන් අන්තර් ජාතික කවුන්සිලය විසින් රබාඩා සහ දික්වැල්ලට තරග මුදලින් සියයට 50ක දඩ මුදලක් නියම කර තිබුණි.
අන්තර් ජාතික කවුන්සිලයේ චර්යාධර්ම පද්ධතියේ 7 යි 6 වගන්තියට අනුව දික්වැල්ල හා රබාඩා මාස 24ක කාලය තුළ දඬුවම් ලකුණු 4 ට හෝ ඊට වැඩි ලබාගත හොත් එය තහනම් කිරීමේ ලකුණු යටතට ඇතුළත් විය.