වෙන්නප්පුවේ කම්මල ප්‍රදේශයේ පිහිටා ඇති සංචාරක හෝටලයක පිහිනුම් තටාකයක් මතට ඊයේ පොල් ගසක් කඩා වැටීම නිසා එම
අවස්ථාවේ
පිහිනමින් සිටි විදේශ ජාතිකයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අනපේක්ෂිත ලෙස පොල් ගස වැටෙද්දී එයින් බේරි පැත්තකට වන්නට ඔවුන් උත්සාහ කරන ලද නමුත් එය සම්පූර්නයෙන්ම සාර්ථක වී නැත.
වයස 44 හා 65 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකු මේ ආකාරයට තුවාල ලබා ඇත. පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.