පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මේ දිනවල මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියකගේ අයථා ගනුදෙනු සම්බන්ධයෙන් විරෝධතා පළකිරීමේ සිද්ධියකට සම්බන්ධව සිටී. මේ ගැන විමසන්නට පුවත්පත්
වලින් ඔහුගෙන් කරුණු විමසූ අවස්ථාවක ඔහු තමන්ගේ උස ගැනද මතක් කර තිබේ. ඒ මෙසේය.


බුද්ධික මන්ත්‍රිතුමා මොකටද මේ තනියෙන් පිකටින් කරන්නේ?
ඒක වන් මෑන් ෂෝ එකක්. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් කරපු එකම ඒක පුද්ගල විරෝධතාව.

ඒකට හේතුව මොකද්ද?
පසුගිය රජය කාලයේ සිටම මාතර සුජාතා විද්‍යාලයේ විදුහල්පතිනිය සහ ගුරුවරු කිහිප දෙනෙක් විශාල වශයෙන් මුදල් එකතු කිරීමේ කාර්යයක නිරත වෙනවා. ඒකට විරුද්ධවයි මම උද්ඝෝෂණය කළේ.

කොහොමද ඇය බේරුණේ?



දේශපාලන බලය උපරිමයෙන් පාවිච්චි කළා.

ඔබ මේ උද්ඝෝෂණයට මවුපියන් සම්බන්ධ නොකර ගත්තේ ඇයි?

එහෙම කළා නම් කියයි බුද්ධික පතිරණ මවුපියෝ කුලප්පු කළා. අධ්‍යාපනයට බාධා කළා කියලා. ඒක නිසා මම තනියම බැහැලා මේ වැඩේ කළා.

බුද්ධික පතිරණ කියන්නේ කාලයෙන් කාලයට පුවත් මවන කෙනෙක්. මේකත් එහෙම වැඩක්ද? ලකුණු ගන්නද තනියම වැඩේ කළේ?
මම නිර්මාණශීලී පුද්ගලයෙක්. නිර්මාණශීලී පුද්ගලයකු අතින් ප්‍රවෘත්ති මැවෙනවා. මම ලේවලින් අස්සන් කරලා පක්ෂය දාලා යන්නේ නැහැ කියලා පොරොන්දුවක් දුන්නා. ඒක තමයි ලේ වලින් අස්සන් කරලා දුන් පළමු පොරොන්දුව. ඒක අලුත් දෙයක්. බුද්ධික පතිරණ ප්‍රවෘත්ති මවන්නෙක් කියන්නේ බුද්ධික පතිරණ ක්‍රියේටිව් පොරක් කියන එකයි.

මේ උද්ඝෝෂණය ගැන සමාජ ප්‍රතිචාර කොහොමද?

මගේ උස අඩි 5යි අඟල් 3යි. දැන් දවසකට පාසල් ප්‍රශ්න 4 - 5ක් ලැබෙනවා. තව මාසයක් දෙකක් යන කොට මගේ උසට වඩා මේ ෆයිල් කන්ද වැඩි වෙයි. එදාට මම මට වඩා උස මේ ෆයිල් ටික විල්බැරෝවක දාගෙන මාතර නගරය පුරා ගෙනියනවා.

ප්‍රගීත් සම්පත් (මව්බිම)