බේරුවල ශාන්ත ලාසරස් දේවස්ථානයේ වාර්ෂිකව පවත්වන දේව මෑණියන්ගේ මංගල්‍යයේදී එම
දේවස්ථානයට සම්බන්ධ ධීවරයින් සම්ප්‍රදායිකව පවත්වන ආශිර්වාද බෝට්ටු පෙරහැරේ ගමන් කළ බෝට්ටුවක් අද පෙරළි යාමෙන් අනතුරක් සිදු වුණි.
කළුතර කටුකුරුන්ද මුහුදු ප්‍රදේශයේදී සිදුවු මෙම අනතුරින් මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස්  ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් ගමන් කර ඇති බවට වාර්තාවන අතර එය එම බෝට්ටුවට දැරිය නොහැකි ගණනක්වූ බවද පැවසුණා.
ධීවර කටයුතු සදහා යොදගන්නා ටෝලර් යාත්‍රාවක් මෙම අනතුරට මුහුණ දී ඇත.
 අනතුරෙන් මියගිය පුද්ගලයින් 11 දෙනෙකුගේ සිරුරු මේ වන විට නගොඩ සහ බේරුවල රෝහල් වෙත ගෙනවිත් ඇත.
ඒ අතර කුඩා දරුවෙකු සහ කාන්තාවන් අට දෙනෙකු ද වන බව පොලීසිය සදහන් කරයි.
ගුවන් හමුදාවේ බෙල් 212 හෙළිකොප්ටර් යානයක් හා නාවික හමුදාවේ ඩෝරා යාත්‍රා 5ක් ද මෙහෙයුම් කටයුතු සදහා යොදවනු ලැබුවා. ඔවුන් වෙහෙසවී එම යාත්‍රාවේ ගමන්ගත් තවත් පුද්ගලයින් තිස් දෙදෙනෙකු බේරාගෙන තිබේ.
ඔවුන් නාගොඩ සහ බේරුවල යන රෝහල්වල ඇතුළත් කර ඇ.ත.
නිසි ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම  මෙම අනතුරට හේතුව බව සඳහන් විය.