පසුගියදා ලෝක විවාහක රූරැජිණ තරගයට ලංකාව නියේජනය කළ ජනප්‍රියම සිනමා නිළිය ලෙස හිරු ගෝල්ඩන් සිනමා උළෙලේදී අභිෂේක ලැබූ උදාරි පෙරේරා විවාහක රූ රැජිණ තරගය ජයගත් අවස්ථාවේ
පියුමි හංසමාලි නමැති තරග අපේක්ෂිකාව ඒ ගැන විවිධ මත පළ කර තිබුණා.
මේ කාරණ ගැන ඇසීමේදී උදාරි දැන් පුවත්පතකට මෙසේ කියා තිබෙනවා.

කැපිලි කෙටිලි එහෙම නැතිද ?

මම ඒවා ගැන දන්නේ නැහැ. මොකද මගේ මුහුණට කවුරුත් එහෙම කියලා නැහැ. හැමෝම හොඳින් කතාබහ කරනවා. කැපිලි කෙටිලි කරන අයම තමයි දන්නේ කැපිල්ලක්‌ කළාද නැතිද කියලා.
මට ඒවා අදාල නැහැ.


උදාරි කටකතා ගැන මොකද හිතන්නේ ?

ඕනෑම ක්‍ෂේත්‍රයක කටකතා හැදෙනවා. ඒවා අපිට වළක්‌වන්න බැහැ. අපේ ළඟින් ඉන්න අය දන්නවා නම් අපි කවුරුද කියලා කොච්චර කටකතා හැදුවත් වැඩක්‌ නැහැ. අනික කටකතාවලින් මගේ ගමන වළක්‌වන්න බැහැ.

උදාරිට කටකතා හැදිලා නැතිද?

කටකතා හදන අය මට ඇවිත් කියන්නේ නැති හින්දා මම තවම දන්නේ නැහැ හැදිලාද නැතිද කියලා. මාධ්‍ය තමයි ඒවා දන්නේ.

වෙබ් අඩවිවල පළවන කතා ගැන මොනවාද කියන්න තියෙන්නේ ?


ඇත්තම කියනවා නම් කිසිම වෙබ් අඩවියක පළවන ගොසිප්වලට මම ලයික්‌ කරලා නැහැ.

ඇයි ඒ ?

අනුන්ගේ කුණු මට අවශ්‍ය නැහැ. ඒවායේ මං ගැන මොනවා හරි පළවුණත් මම දන්නෙත් නැහැ. මම ගැන එහෙම දෙයක්‌ පළවුණත් මගේ යාළුවෝ ඒ ගැන මට කියන්නේ නැහැ. මාව ඔවුන් දන්නවා. ඇත්තටම ඒ වගේ දේවල්වලින් තමන්ගේ ජීවිතය තීරණය කරන එක ගැන හරිම දුකයි. ගොසිප් පවුල් ජීවිතයට ළංකරගන්න නරකයි.

පසුගිය කාලයේ ඔබ ගැනත් අන්තර්ජාලයේ හරියට මඩගැසීම් සිදුවුණානේද?


මම දන්නේ නැහැ. එකිනෙකා එක එක කටකතා කියන්න පුළුවන්. මගේ දියුණුව බලාගෙන ඉන්න බැරි පිරිස්‌ තමයි ඔයවගේ කතා කියනවා ඇත්තේ. මම ගැන මොන ගොසිප් එකක්‌ ගියත් මිනිස්‌සු ඒවා ගණන් ගන්නේ නැහැ කියලා මම දන්නවා. හැමෝම මට ආදරෙයි කියලා මම දන්නවා.

දිනේෂ් විතාන