සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායමට ලකුණු 507ක ඉලක්කයක් ලබාදෙමින් සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද (04දා) කටයුතු කරනු ලැබීය. කේප්ටවුන්හි නිව් ලෑන්ඩ්ස් පිටියේ පැවැත්වෙන තරගයේ
සිය දෙවැනි ඉනිම

ක්‍රීඩාකරමින් සිටි දකුණු අප්‍රිකානුවෝ කඩුලු 7ට ලකුණු 224ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටවීය. ඔවුන් පළමු ඉනිමට ලකුණු 392ක් රැස්කළේය. එයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 110ක් පමණි.
මේ වනවිට ඕවර 16.1 දී ශ්‍රී ලංකාව කඩුළු 2 කට ලකුණු 45 ක් දෙවන ඉනිම වෙනුවෙන් ලබා සිටින අතර
තවත් දින දෙකක් තරගය පැවැත්වෙන නිසා මෙය ජය පැරදුමෙන් අවසන් කරන්නට ඉඩ ඇත්තේ අඩුවෙනි වැඩි වාසි දකුණු අප්‍රිකාවටය.ලංකාව මෙම අවස්ථාවේ අසීරු අඩියක සිටී.