පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ ප්‍රභූවරයකු වුව රථවාහන සඳහා අඳුරු පැහැති වීදුරු භාවිත කළ හැක්‌කේ නිසි බලපත්‍රයක්‌ ලබා ගැනීමෙන් අනතුරුව බව පොලිසිය කියයි.
මෝටර් රථ
ප්‍රවාහන කොමසාරිස්‌ ජනරාල්වරයාගෙන් අදාළ බලපත්‍රය ලබා ගත යුතු බව රථවාහන භාර නියෝජ්‍ය පොලිස්‌පති පාලිත ප්‍රනාන්දු මහතා පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ ප්‍රභූවරයකු වුවද එම බලපත්‍රය ලබානොගෙන අඳුරු පැහැති වීදුරු භාවිත කරන්නේ නම් ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බව ද හෙතෙම කියා සිටියේය.
මෙම බලපත්‍රය නොමැතිව යන මන්ත්‍රීවරුන්ට හා ප්‍රභූවරුන්ට මුලින්ම අවවාද කරනවා. ඒක අහන්නේ නැත්නම් නීති මගින් කටයුතු කරනවා" යෑයි නියෝජ්‍ය පොලිස්‌පතිවරයා පැවැසීය.