අපල බවට ජ්‍යොතිෂ්‍ය කතාව මුල්කරගෙන 
ජනපති ලෙඩවූ බවට 'මඩක්'


පසුගිය සතියක ජ්‍යොතිෂ්‍යව්දියෙකු ජනපති මෛත්‍රිපාල සිරිසේනට පවතින ඒරාෂ්ඨක අපලයක් ගැන සඳහන් කරනලද අනාවැකියක් සමග අද(04) දිනයේ ජනාධිපතිවරයා හට යෙදී තිබුනු යාපනය සංචාරය අවලංගුවීම සම්බන්ධ කරගෙන මඩක් නිර්මාණය වී ඇති බව ජනපති ලේකම් කාර්යාලය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇත.
යෙදුනු හදිසි කටයුත්තක් හේතුවෙන්
අද දිනයේදී
යාපනයේ කටයුතු කිහිපයක් වෙනත් දිනයකට කල් දමා තිබීම සිය දේශපාලන වාසියට හරවාගෙන වෙබ් අඩවි කිහිපයක් මගින් ජනපතිවරයාට අසනීප වූ බවට මෙම මඩ නිර්මාණය කර තිබේ.

 සේනාධිනායකයාගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති කරමින්, රට තුළ කලබලයක් අති කිරීමට උත්සහ කරමින් අසත්‍ය පුවත් වාර්තා කළ මෙම වෙබ් අඩවි කිහිපයට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීම කෙරෙහි බුද්ධි අංශයන්හී අවධානය යොමුව ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

දිගින් දිගටම ලබා දී ඇති මාධ්‍ය නිදහස අයුතු ලෙස උපයෝගී කරගනිමින් ව්‍යාජ පුවත් වාර්තා කිරීම නිසා මුලු මහත් මාධ්‍ය ක්ෂේත්‍රයේම කඩා වැටීමක් සිදුවීමට ඉඩ ඇති බවද ජනාධිපති කාර්යාල ආරංචි වාර්තා කර තිබේ.