යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව GSP ප්ලස් තීරුබදු සහනය යළි ලබාදීම ගැන විශේෂත්වයක් නොදකින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වැලිකඩදී විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ සුවදුක් බලන්නට ගිය අවස්ථාවක මාධ්‍ය අමතා සඳහන් කළේය.
තම පාලන කාලය තුළ

මෙම සහනය ඉවත් කළද එයින් රටට පාඩුවක් නොවුණ බවත් ඔහු පෙන්වා දුන්නේය.
අවසන් යුද සමයේ මානව හිමිකම් කඩකලේය යන චෝදනාව මත ශ්‍රී ලංකාවට GSP සහනය අහිමි කරනු ලැබුවේ 2009දීය.
එම අහිමිව යාමෙන් පසු ලංකාවේ ආයෝජනය කළ ඇතැම් විදෙස් ඇඟලුම් සමාගම් වසා දමන තත්ව උද්ගතවූ අතර අලුතින් ආයෝජන සිදුකිරීමද ඇණිහිටි අතර යුරෝපා ඇඟලුම් අපනයනය නිසා ලැබෙමින් පැවති විශාල ආදායමක් අහිමි විය.