සිය  විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් විසිදහසක අල්ලස් මුදලක් ලබා ගත්  ගාල්ල අහංගම සාරිපුත්ත මහා විද්‍යාලයේ
විදුහල්පතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා
විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (9දා) අත්අඩංගුවට ගත්තා.
 මේ අල්ලස් මුදල ඔහු ලබාගෙන තිබුනේ අමුතුම ක්‍රමයකටය. පාසල ආසන්නයේ පිහිටි වෙළෙඳසලක හිමිකරුට අල්ලස ලබාදී
පසුව වෙළෙඳසලේ හිමිකරු රිසිට්පතක් නිකුත් කරන බවත් එම රිසිට් පත රැගෙන තමාව මුණ ගැසෙන ලෙසත් විදුහල්පතිවරයා
 දරුවාගේ පියාට දැනුම් දී ඇත.
රුපියල් විසිදහසක මුදලක් ගෙවූ බවට අදාළ රිසිට් පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දරුවාව පාසලට බඳවා ගන්නා බවටද විදුහල්පතිවරයා පියාට දන්වා ඇති අතර එම අවස්ථාවේ පියා සමග පැමිණ මග නතරවී සිටි අල්ලස් නිලධාරීන් ඊයේ (9දා) මධ්‍යහ්න 12.30ට පමණ අදාළ විදුහල්පතිවරයාව කාර්යාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.