තක්කාලි ප්‍රහාර ගල් ප්‍රහාර කුණුහරුප
වර්ජන නොකළ අයට තැන් තැන් වලදී දුන් දඬුවම්

අද දිවයින පුරා පවතින පුද්ගලික බස් රථ වර්ජනය ජනතාවගේ පැත්තෙන් බලවත් අපහසුතා ඇතිකරවා තිබෙන අතරේ එම වර්ජනයට සහාය පළ නොකරන බස් රථ, ත්‍රී රෝද රථ සහ දුම්රියට එරෙහිව වර්ජකයින් විසින් ප්‍රහාර දියත් කළ අවස්ථා රාශියක් වාර්තාවී තිබේ.
මේ හේතුව නිසා අද ඇතැම් ත්‍රී රෝද රථ පවා ධාවනය කරන්නට බියක්
දක්වා තිබෙන 


බවද වාර්තා වුණා. අද දවසේ පාරවල් පිරී තිබෙන්නේ පුද්ගලික වාහන , ලංගම බස් රථ හා වර්ජකයින්ට බිය නොවූ ත්‍රී රෝද රථ වලින් පමණි.

තංගල්ල හේනකඩුව,ගල්කිස්ස,ත්‍රීකුණාමලය වැනි ප්‍රදේශ වලින් ලංගම බස් රථවලට ගල්ප්‍රහාර වාර්තාවී තිබේ. මීගමුව කොළඹ අධිවේගී බස් රථයකටද ගල්ප්‍රහාර වලින් හානි සිදුව ඇත.

බදුල්ල මහියංගණ පාරේ වර්ජනයට සහාය නොදැක්වූ ත්‍රීරෝද රථ රථවලට තක්කාලි ප්‍රහාර එල්ලවී ඇත.
මීගමුව ගල්කන්ද හන්දියේදී හලාවත කොළඹ දුම්රිය අවහිර කරන්නට ගිය විරෝධතා කරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

එම වීඩියෝව පහතින්