තමිල්නාඩු මහඇමතිනි ජයලලිතාගේ අභාවය නිමිත්තෙන් අද රැස්වූ උතුරු පළාත් සභාව විනාඩි දෙකක
නිශ්ශබ්දතාවක් පවත්වා ශෝකය පළ කර ඇත.
අද උදෑසන එම සභාවේ 67 වැනි

සැසිවාරය උතුරු පළාත් සභා සභාපතිගේ ප්‍රධානත්වයෙන් ආරම්භවූ අවස්ථාවේ මෙය සිදුවිය.

උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් මහතා ජයලලිතාගේ මරණය ගැන ශෝක යෝජනාවක්ද ගෙන ආ අතර විපක්ෂ නායක තවරාසා එය ස්ථිර කරනු ලැබීය.

මේ අතර, පාලක පක්ෂ මන්ත්‍රී එම්.කේ. ෂිවාජිලිංගම් කළු ඇඳුමින් සැරසී සහභාගි වීමද විශේෂයක් විය.