පසුගියදා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හෙළිදරව් කළ පරිදි මරණ දඩුවම නියමව සිටින සිරකරුවෙකුවූ
දුමින්ද සිල්වා
බන්ධනාගාරය තුළදී උපන්දින සාදයක් සමරා තිබීම පිළිබ‍ඳව පරීක්ෂණයක් කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය පවසනවා.
සිරගතවී සිටින අයට බන්ධනාගාරය මුල්වී තබන උත්සව හැරෙන්නට පුද්ගලික සැමරුම් සමරන්නට බන්ධනාගාරය ඇතුළත අවස්තා ලබාදී නැති බවත් කෙනෙකුට විශේෂ සැලකිලි දැක්වීම අන් අයටද වැරදි පූර්වාදර්ශයක් බව පවසන හෙතෙම හිරුණිකා පවසන තුරු එය දැන නොසිටි බවද පවසා ඇති අතර ඒ වෙනුවෙන් බන්ධනාගාරය තුළ උපන්දින සාදයක් පැවැත්වුණේදැයි කොමසාරිස්වරයා වාර්තාවක් කැඳවා ඇතැයි ඔහු දන්වා ඇත.