උප්පුවේලි පොලිස් වසමට අයත්, නුවරපාර,5 කණුව ප්‍රදේශයේදී නිවසක් ඉදිරිපිට නවතා තිබූ බස්රථයකට ඊයේ (03දා) අලුයම ගිනිතබා විනාශ කර ඇතැයි වාර්තාවේ.

මෙම ගිනිගැනීමට
එම බස් හිමිකරු සමග වෛරයෙන් පසුවූ පිරිසක් හවුල් බවට පොලිසිය සැකකරයි.
ගින්න පැතිරෙන අවස්ථාවේ බසයේ අයිතිකරු නිවසේ සිට ඇති අතර, ගින්නෙන් බසය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
අයිතිය සම්බන්ධ පැනනැගි ගැටලුවකින් පසු  ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම බස් රථය වත්මන් අයිතිකරුට පවරා දී තිබුණ අතර එය අහිමිවූ පාර්හ්වය ගිනි තබන්නට ඇතැයි සැක කෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.
මෙම බස් රථ ආරවුල සමග පසුගිය දිනවල පැවති වැඩ වර්ජනය සම්බන්ධයක් නැත.
(වාර්තාව - ත්‍රිකුණාමලය චමෝද්‍යා නේත්‍රාංජලී අමරජීව)