දකුණු ඉන්දීය නළු රැජිණි කාන්ත් චිත්‍රපට රූගතකිරීමක් අතුරතුර තුවාල ලබා ඊයේ රෝහල් ගත කළා. 2.0 (ටූ පොයින්ට් සීරෝ) නමැති දැවැන්ත ක්‍රියාදාම චිත්‍රපටයෙහි චෙන්නායි ආසන්න ප්‍රදේශයක සිදු කළ
රූගතකිරීමක් අතරතුර
ඔහු ‍ඇදවැටීමෙන් පාදයක දණහිස ආබාධයට ලක්ව තිබේ.
මේ නිසා ඔහු ළඟම පිහිටි රෝහලකට ඇතුළත් කරන ලදි. කෙසේ වෙතත් පැය කිහිපයකින් ඔහු ප්‍රතිකාර ලබා රෝහලින් ඉවතට පැමිණි අතර ඔහුට විවේක ගන්නා ලෙස උපදෙස් ලැබී ඔහු නිවසට ගොස් තිබේ. ඔහු රෝහලින් එළියට එනතුරු එලියේ බලාසිටි පිරිස ඔහු පැමිණි විගස ඔල්වරසන් දී පිළිගත්තා.
එම අවස්තාවේ වීඩියෝවක් පහතින්